Trending Newsඑසැන පුවත්දේශීය

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා අද (10) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ඒ, ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ඔහුට කර ඇති දැනුම්දීමක් අනුවයි.

කතරගම දේවාලයේ මුදල් වංචා සිදුව ඇති බවට සිවිල් ක්‍රියාකාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව එම ප්‍රකාශය ලබා ගැනීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව අද (10) පෙරවරු 11.00 ට ඩිෂාන් ගුණසේකර මහතා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිතව බවයි වාර්තා වන්නේ.

Related posts

An individual shot and injured at Kebaliyapola, Hakmana

Mohamed Dilsad

Showers or thundershowers expects at times today

Mohamed Dilsad

Australian Government reviews funding for UFO group

Mohamed Dilsad

Leave a Comment