දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV |කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) රාත්‍රී 08.00 සිට හෙට පෙරවරු 05.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව පැය 9ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවේ.

මෙහිදී කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනය යටතේ ජලය සැපයීම සිදුවනු ඇත.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Related posts

බොයිලේරුවක් පිපිරීමෙන් ඉන්දීය ජාතිකයෙකු මරුට

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක්

Editor O

හිටපු ඇමති මනූෂ විදේශගතවෙයි…?

Editor O

Leave a Comment