ව්‍යාපාරික

විදේශ සංචිතය ප්‍රකෘතිමත් මට්ටමකට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ විදේශ සංචිතය පසුගිය ජුනි මාසයේ ප්‍රකෘතිමත් වී ඇති බව මහබැංකුව නිවේදනය කරයි.  

මැයි මාසයේ ඩොලර් බිලියන 6.49 ක් ලෙස පැවති විදේශ සංචිතය ජුනි මාසයේදී ඩොලර් බිලියන 6.7 දක්වා ඉහළ ගොස් තිබෙන බව ද එම නිවේදනයේ සඳහන්.

ආනයන මෙන්ම විදේශයන් හි ආයෝජන සඳහා සීමාවන් පැනවීමෙන් පසුගිය මාස 03 තුළ මෙරට විදේශ මුදල් තුළු – ගලනය ඉහළ ගිය අතර, එය විනිමය ස්ථාවර කිරීමට හේතු වී ඇති බව මහබැංකු අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සඳහන් කළේය.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් තවදුරටත් දක්නට ලැබෙන අතර, ඩොලරයක විකුණුම් මිල ඊයේ (09) සටහන් වූයේ රුපියල් 188.08ක් ලෙසයි.

Related posts

වී මිලදී ගන්නා අගයන් සංශෝධනයක්

Mohamed Dilsad

වී මිලදී ගැනීමේ මිල ඉහළ යයි

Mohamed Dilsad

කොවිඩ් -19 වෛරස හමුවේ ලංකාවේ ආර්ථිකයටත් බලපෑම්

Mohamed Dilsad

Leave a Comment