විදෙස්

බොලීවියානු ජනාධිපතිනියටත් කොරෝනා

(UTV | බොලීවියාව) –  බොලීවියානු අන්තර්වාර ජනාධිපතිනි ජෙනින් ආසෙස් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.   

සිය ට්විටර් ගිණුම ඔස්සේ විඩියෝ පටයක් මුදාහරිමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ වෛරස පරික්ෂාවක දී තමා කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවය.

මේ හේතුවෙන් තමන් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ස්වයං නිරෝධායනයට ලක්ව ප්‍රතිකාර ලබන බව ජනාධිපතිනිය ප්‍රකාශ කර ඇත.

මේ අතර අද වන විට ලොව පුරා රටවල්වලින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි විසි තුන් ලක්ෂයකට අධික වේ.

Related posts

හැකි ඉක්මනින්ම යුද්ධය නවත්වනවා – පුටින්

Mohamed Dilsad

දුවිලි කුණාටුවෙන් මිය ගිය ගණන 100ට ආසන්නයි

Mohamed Dilsad

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝටත් කොරෝනා වැළඳෙයි

Mohamed Dilsad

Leave a Comment