දේශීය

රුසියාවේ සිට පිරිසක් මෙරටට

(UTV | කොළඹ ) – අද (10) පෙරවරුවේ රුසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස අතර වැඩි පිරිසක් රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීම සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් බවට තොරතුරු වාර්තා වේ.

මෙම ගුවන් මගීන් පිරිස රුසියාවේ මොස්කව් නුවර ඩොමොඩෙඩොවො ( Domodedovo)සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.1206 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින පස්වරු 11.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසුව , පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි.

Related posts

අල්ලස් ගත් පාර්ලිමේන්තු නිලධාරියෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 626ක් අත්අඩංගුවට

Mohamed Dilsad

රිය අනතුරකින් ඇඟලුම් සේවිකාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment