දේශීය

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 626ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝදායන නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ, පුද්ගලයින් 626 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව නිරෝධායන නීති රීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට පත් වී ඇති ගණන 59,621 දෙනෙක්.

බස්නාහිර පළාත තුළ ස්ථාපිත කොට ඇති මාර්ග බාධක 13කින් බස්නාහිර පළාතට ඇතුළු වූ වාහන 307ක් සහ පුද්ගලයින් 515ක් පරීක්ෂා කර ඇති අතර, පරීක්ෂා කරන ලද බස්නාහිර පළාතින් පිට වූ වාහන ගණන 302ක්.

බස්නාහිර පළතෙන් පිට වූ පුද්ගලයින් 580 දෙනෙකු ද පොලිසියේ පරීක්ෂාවට ලක් වී තිබෙනව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්‍යාලය දැනුම් දෙනවා.

Related posts

හිඟ මුදල් නොගෙව්වොත් උත්තර පත්‍ර බලන්නේ නෑ

Mohamed Dilsad

වසරේ පළමු දින දරු උපත් ලක්‍ෂ 4 කට ආසන්නයි

Mohamed Dilsad

සයිනොෆාම් එන්නත අද සිට මෙරට ජනතාවට

Mohamed Dilsad

Leave a Comment