දේශීය

අපයෝජනයට ලක් වූ පාසල් සිසුවියක් ජිවිතක්ෂයට

(UTV | කොළඹ ) – බලංගොඩ, රාවනාකන්ද, වලගොඩ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක් බරපතළ අපයෝජනයට ලක්කර තිබියදී බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

පසුගිය 05 වැනි දා පස්වරුවේ මෙම සිසුවිය උසස් පෙළ සඳහා නව පාසලකට ඇතුළත්වීමට නියමිතව සිටි බැවින් නිල ඇඳුම් ලබා ගැනීම සඳහා ඇඳුම් මහන ස්ථානයක් වෙත ‍ගොස් තිබේ.

නමුත් ඇය ආපසු නොපැමිණි නිසා සිද්ධිය පොලීසියට ද පැමිණිලි කර ඇති ඥාතීන් පෙරේදා පස්වරුවේ තරුණයාගේ නිවසේ සිටියදී සිසුවිය සොයාගෙන තිබේ.

පසුව සිසුවිය රෝහල්ගත කර ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබේ.

මූලික පරීක්ෂණ අද සිදු කළ අතර මරණ පරීක්ෂණයෙන් පසුව විවෘත තීන්දුවක් ලබාදී සිරුර ඥාතීන්ට භාරදී ඇත.

Related posts

මැතිවරණයට එරෙහි පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් දෙකක්

Mohamed Dilsad

කොළඹ මහ නගර සභ අයවැය මාලිමාව දිනයි

Editor O

සෞඛ්‍ය නීති කඩකළ 2494 දෙනෙක්ට අවවාද

Mohamed Dilsad

Leave a Comment