දේශීය

කෝටි ගණනක් වංචා කළ විදේශිකයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – බම්බලපිටියේදී , කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියක අධික මූල්‍ය වංචාවක් කළ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් ක්‍රියාත්මක කළ මෙහෙයුමකදීයී.

රුපියල් එක් කෝටි හාර ලක්ෂ විසි දෙදහස් පන්සිය තිස්පහක මුදලක් අදාළ ඉන්දීය ජාතිකයා කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා වංචා කර ඇත.

අද (09) අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව, පොලීසීය සඳහන් කළේ ය.

Related posts

IOC ඉන්ධන අඛණ්ඩව..

Mohamed Dilsad

ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවට වෘත්තීය සමිති අද රැස්වෙයි

Mohamed Dilsad

විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment