දේශීය

විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – ලබන සඳුදා සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය සාමාන්‍ය පරිදි විවෘත කිරිමට තීරණය කර තිබේ.

ඒ අනුව, සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ දින 05ම එම අංශය විවෘතව තබන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

කොන්සියුලර් සේවාවන් සඳහා පවතින විශාල ඉල්ලුම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

එමෙන්ම යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද සතියේ දින 05 තුළම විවෘතව පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

මන්ත්‍රීවරුන්ගේ විනය ගැන බලන්න නව පනතක් ළඟදීම

Mohamed Dilsad

කුරීරු ඝාතනයක්

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කර පිටව ගිය අය 10,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment