දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේ ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – ප්‍රධාන ජල නල පද්ධතියේ දෝෂයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේ ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය – මොරගස්මුල්ල – රාජගිරිය – නාවල පාර සහ විවෘත විශ්ව විද්‍යාලය දක්වා සම්බන්ධිත අතුරු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි.

කොළොන්නාවේ සිට පැමිණෙන ප්‍රධාන ජල නල පද්ධතියේ හටගත් දෝෂයක් මීට හේතු වී ඇත.

අද පෙරවරු 10 පමණ වනවිට ජල සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

Related posts

පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය ගැන සෙවීමට කමිටුවක්

Mohamed Dilsad

ව්‍යවස්ථාදායක සභාවට ලේකම්වරයෙක් සොයයි.

Editor O

මහින්දානන්දට එරෙහි නඩුව කල් යයි

Mohamed Dilsad

Leave a Comment