දේශීය

මහින්දානන්දට එරෙහි නඩුව කල් යයි

(UTV | කොළඹ ) – කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 19 වන දා තෙක් කල් තැබීමට නියෝග කර තිබේ.

එම නඩුව කැඳ වූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන්ට අංක 03 මහාධිකරණයේ වෙනත් නඩුවක ට පෙනී සිටීමට නියමිතව තිබෙන හෙයින් මෙම නඩුවේ සාක්ෂි විභාගය වෙනත් දිනයකට කල් දමන ලෙස ඉල්ලා ඇත.

නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඒ අනුව අගෝස්තු මස 19 වන දා තෙක් කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේය.

Related posts

යාල සිද්ධිය : ජනපති දුන්න උපදෙස මෙන්න

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

‘අංගෝඩා ලොක්කා’ ගේ සමීපතයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment