දේශීය

මහින්දානන්දට එරෙහි නඩුව කල් යයි

(UTV | කොළඹ ) – කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි විසින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 19 වන දා තෙක් කල් තැබීමට නියෝග කර තිබේ.

එම නඩුව කැඳ වූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන්ට අංක 03 මහාධිකරණයේ වෙනත් නඩුවක ට පෙනී සිටීමට නියමිතව තිබෙන හෙයින් මෙම නඩුවේ සාක්ෂි විභාගය වෙනත් දිනයකට කල් දමන ලෙස ඉල්ලා ඇත.

නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඒ අනුව අගෝස්තු මස 19 වන දා තෙක් කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේය.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 263ක්

Mohamed Dilsad

මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය හෙටින් අවසන්

Mohamed Dilsad

මෙරට 15 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment