දේශීය

අභියාචනාධිකරණය ඥානසාර හිමිගේ පෙත්සම් 4 ක් ප්‍රතික්ෂේප කරයි

(UTV | කොළඹ) – ඉදිරි මැතිවරණය සදහා කොළඹ , කලුතර , මොනරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තම නායකත්වයෙන් යුතු “අපේ ජන බල පක්ෂයේ ” අපේක්ෂකයන් ඉදිරිපත් කල නාම යෝජනා පත ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා පූජ්‍ය ගලගොඩඅත්තේ ඤානසාර හිමි ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම් 4 ක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කළේය.

මෙම රිට් පෙත්සම් හතර අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණ යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සදහන් කරනු ලැබුවේ මැතිවරණ පනත 19 වගන්තියට අනුකූලව අදාළ දිස්ත්‍රික්වල තේරීම් බාර නිලධාරීන් කටයුතු කර ඇති බවත් , නාමයෝජනා බාර දුන් අවස්ථාවේදීම විරෝධතා දැක්වීමට හැකියාව පෙත්සම්කරුවන්ට පැවති බව පෙන්වා දෙමින් මෙම පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරිණී.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කිරීම සදහා දිස්ත්‍රික් හතරකට දුන් අපේ ජන බල පක්ෂයේ නාම යෝජනාපත්‍ර ප්‍රතික්ෂේප කිරීම නීතිවිරෝධී බව පවසමින් ඥානසාර හිමියන් ඇතුළු පිරිසක් මෙම පෙත්සම ගොනු කළහ.

Related posts

පවුල් සෞඛ්‍ය සේවිකාවන් අද වර්ජනයේ

Mohamed Dilsad

ප්‍රවාහණ කාර්යය සාධක බලකායේ පළමු රැස්වීම අද

Mohamed Dilsad

රටවල් 48කට ලබාදුන් නිදහස් වීසා කාලය තවත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment