Trending Newsඑසැන පුවත්දේශීය

ආදිශිෂ්‍යයෙක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාසලේ උත්සවයකට ගෙන්වා ගත්තැයි විදුහල්පතිනියට විනය පරීක්ෂණයක්…?

තමා උගත් මතුගම කන්නංගර ජාතික පාසලට තමා ගියේ යැයි විදුහල්පතිනියට විනය පරීක්ෂණයක් තබා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසයි. සිය පෞද්ගලික ධනයෙන් එම පාසලට පිහිනුම් තටාක, ක්‍රීඩාගාර, ක්‍රීඩාංගන ගොඩනැඟීමට තමන් කටයුතු කළ බව ද හෙතෙම සඳහන් කරයි.

එහෙත් මේ වන විට නිවාසාන්තර ක්‍රීඩා උලෙළට පවා තමා පාසලට ගෙන්වා ගැනීමට විදුහල්පතිනිය බියට පත්ව ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.එහෙත් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ගමගෙදර දිසානායක මාතලේ විජයපාල ජාතික පාසලේ උත්සවයකට ගිය බව මාධ්‍ය වාර්තා කර ඇතැයි ද ජගත් විතාන සඳහන් කරයි.

Related posts

Brexit: May expected to meet Corbyn to tackle deadlock

Mohamed Dilsad

Australia – Sri Lanka held talks on fighting transnational crimes

Mohamed Dilsad

කොවිඩ් මරණ භූමදානය සම්බන්ධයෙන් සොයාබැලීමට අගමැතිගේ ප්‍රධානත්වයෙන් හමුවක්

Mohamed Dilsad

Leave a Comment