දේශීය

කොළඹ කොටස් වෙළඳපොළේ වර්ධනයක්

(UTV | කොළඹ ) – අද (22) මාස 3කට පසු කොළඹ කොටස් වෙළඳපොළේ සියළු කොටස් මිල දර්ශකය ඒකක 5000සේ සීමාව ඉක්මවා  ගොස් තිබේ.

කොවිඩ් -19 ගෝලීය වසංගතය හේතුවෙන් තාවකාලිකව නතර වී තිබූ කොටස් වෙළඳපොළ ගනුදෙනු යළි ආරම්භ වීමෙන් පසු එහි ප්‍රකෘතිමත්වීමක් මෙමගින් සලකුණු කෙරේ.

සමස්ත දර්ශකය දිනය අවසන දී ඒකක 65කින් ඉහළ ගොස් 5055.57ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 1.31ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි.

කොටස් වෙළදපොළ ප්‍රධානතම සමාගම් විස්ස නියෝජනය කරන එස්.ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 69.81කින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව සියයට 3.24ක වර්ධනයක් සලකුණු කරමින් එය දිනය අවසන දී සටහන් වූයේ 2226.34ක් ලෙසයි.

කොටස් වෙළඳපොළේ අද දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.2 ඉක්ම විය.

Related posts

ආයුධ සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

රියදුරු බලපත්‍රයක වලංගු කාලය යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

පුද්ගලයින් 100කට මරු කැඳවූ රස්නය

Mohamed Dilsad

Leave a Comment