දේශීය

දෙදිනක් වයසැති කුඩා බිළිඳෙකු කැලයක දමා යයි

(UTV| අම්බලන්තොට) – අම්බලන්තොට මිරිජ්ජවිල නවගම්ගොඩ ප්‍රදේශයේ අත්හැර දමා තිබෙන ගරාජයක් අසළ කැලෑවක දමා ගොස් තිබූ දෙදිනක් වයසැති කුඩා දැරියක් ප්‍රදේශවාසීන් විසින් සොයාගැනීමෙන් අනතුරුව අම්බලන්තොට පොලීසියට දැනුම් දී ඇත.

පසුව පොලීසිය විසින් බිළිඳිය හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

ඊයේ (21) රාත්‍රී කාලයේ දී කිසියම් කාන්තාවක් විසින් මෙම බිළිඳිය සුදු පැහැති රෙදි කඩකින් ඔතා අදාළ ප්‍රදේශයේ විදුලි කණුවක් අසළ දමා ගොස් තිබිය දී ප්‍රදේශවාසීන් විසින් මෙලෙස සොයා ගෙන තිබේ.

මේ වන විට බිළිඳිය නිරෝගීව හම්බන්තොට රෝහලේ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අදාළ සැකකාර කාන්තාව සොයා අම්බලන්තොට පොලීසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

Related posts

කොවැක්සීන් එන්නතට WHO අනුමැතිය තවමත් නැහැ

Mohamed Dilsad

වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ නියෝජ්‍ය කතානායකවරයාගෙන් පැහැදිලි කිරීමක්

Editor O

විෂය නොදන්නා අය ශල්‍යකර්ම පිළිබඳ සහ යෝග්‍යතා පිළිබඳ කතා කරන්න එපා : විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සෞඛ්‍ය ඇමතිට දැඩි දෝෂාරෝණයක්

Editor O

Leave a Comment