දේශීය

දෙදිනක් වයසැති කුඩා බිළිඳෙකු කැලයක දමා යයි

(UTV| අම්බලන්තොට) – අම්බලන්තොට මිරිජ්ජවිල නවගම්ගොඩ ප්‍රදේශයේ අත්හැර දමා තිබෙන ගරාජයක් අසළ කැලෑවක දමා ගොස් තිබූ දෙදිනක් වයසැති කුඩා දැරියක් ප්‍රදේශවාසීන් විසින් සොයාගැනීමෙන් අනතුරුව අම්බලන්තොට පොලීසියට දැනුම් දී ඇත.

පසුව පොලීසිය විසින් බිළිඳිය හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

ඊයේ (21) රාත්‍රී කාලයේ දී කිසියම් කාන්තාවක් විසින් මෙම බිළිඳිය සුදු පැහැති රෙදි කඩකින් ඔතා අදාළ ප්‍රදේශයේ විදුලි කණුවක් අසළ දමා ගොස් තිබිය දී ප්‍රදේශවාසීන් විසින් මෙලෙස සොයා ගෙන තිබේ.

මේ වන විට බිළිඳිය නිරෝගීව හම්බන්තොට රෝහලේ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අදාළ සැකකාර කාන්තාව සොයා අම්බලන්තොට පොලීසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

Related posts

ලෝකය පුරා සිදුවූ කොරෝනා මරණ එක් ලක්ෂ 34 ,000 ඉක්මවයි

Mohamed Dilsad

පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බහාලුම් ගැන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Editor O

මිනිස් ජාවාරමක් ගැන අනතුරු ඇඟවීමක්

Editor O

Leave a Comment