දේශීය

අලි රොෂාන්ට එරෙහි නඩුවේ විත්තිකරුවන් 4 දෙනෙක් නිදොස් කොට නිදහස්

(UTV | කොළඹ) –  නීති විරෝධීව අලි ඇතුන් 5 දෙනෙක් සන්තකයේ තබාගැනීමේ චෝදනා ලද අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කළේය.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

මෙසේ නිදහස් කළ පිරිස අතරට වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ පොත භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනී නිසා තවත් ඇත්ගොව්වන් තුන් දෙනෙකු ද ඇතුළත් වෙයි.

Related posts

කරුණා සහ පිල්ලෙයාන් දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක්

Editor O

නිල නොවන ඡන්ද ප්‍රතිඵල හුවමාරු කිරීමෙන් වළකින ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

විශ්වවිද්‍යාලවලට ඉල්ලුම් කළ සිසුන්ට පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment