දේශීය

අලි රොෂාන්ට එරෙහි නඩුවේ විත්තිකරුවන් 4 දෙනෙක් නිදොස් කොට නිදහස්

(UTV | කොළඹ) –  නීති විරෝධීව අලි ඇතුන් 5 දෙනෙක් සන්තකයේ තබාගැනීමේ චෝදනා ලද අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කළේය.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

මෙසේ නිදහස් කළ පිරිස අතරට වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ පොත භාරව කටයුතු කළ ලිපිකාරිනිය වන ප්‍රියංකා සංජීවනී නිසා තවත් ඇත්ගොව්වන් තුන් දෙනෙකු ද ඇතුළත් වෙයි.

Related posts

කොළඹ නගරය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම් ඉහළට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේ කාලය දිගු කෙරේ

Mohamed Dilsad

ජනපතිගේ ආරාධනාව සජිත් පිළිගනියි

Mohamed Dilsad

Leave a Comment