දේශීයප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේ කාලය දිගු කෙරේ

(UTV|කොළඹ) – පවතින තත්ත්වය හමුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කරයි .

ඒ අනුව එහි කාලය මාර්තු මස 20 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතළ අනුව පරීක්ෂණ කොමිශන් සභා පනතේ දෙවන වගන්තියට අනුව ජනාධිපතිවරයා විසින් එම කාලය මාස 06 කින් දීර්ඝ කර තිබේ.

ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත.

ඒ අනුව එම කාලය අවසන් වන්නේ ලබන සැප්තැම්බර් මස 20 වන දිනයි.

Related posts

පෙරු රාජ්‍යය උතුරු වෙරළ ආසන්නයේ භූකම්පනයක්

Editor O

ලොව විශාලතම නත්තල් ගස – ගිනස් වාර්තා සහතිකය පිරිනැමේ

Mohamed Dilsad

රෙජිස්ට්‍රාර් තනතුර සමඟ සාමදාන විනිශ්චයකාරකම පිරිනමන්න – අගමැති

Mohamed Dilsad

Leave a Comment