දේශීය

රෙජිස්ට්‍රාර් තනතුර සමඟ සාමදාන විනිශ්චයකාරකම පිරිනමන්න – අගමැති

(UTV | කොළඹ) – රෙජිස්ට්‍රාර් තනතුර ලබා දීමේ දී අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඔවුන්ට සාමදාන විනිශ්චයකාරකම පිරිනැමීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් J.J. රත්නසිරි මහතාට උපදෙස් දී තිබෙනවා.

දීප ව්‍යාප්ත උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ට්‍රාර් සංගමයේ සාමාජිකයන් සමග අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කලේ.

රෙජිස්ට්‍රාර්වරුන්ට ලබා දිය හැකි සුදුසු රක්ෂණ ක්‍රමයක් ගැන සොයා බලන්නැයි ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

උප්පැන්න මරණ ලියාපදිංචියේ දී දැනට හිමිවන රුපියල් 75 දීමනාව රුපියල් 150 ක් දක්වාත්, කාර්යාල ලිපි ද්‍රව්‍ය දීමනා රුපියල් 500 සිට රුපියල් 750 දක්වා වැඩි කිරීමටත් සේවය අවසන් කිරීමේ දී රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂ 05 දක්වා පාරිතෝෂික දීමනාවක් පිරිනැමීමත් 2022 අය වැයට යෝජනා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ද මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී නිලධාරින් දැනුවත් කරනු ලැබුවා.

Related posts

කොවිඩ්-සුවවීම් තවත් ඉහළට

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි – සුවය ලැබූ ගණන 98 දක්වා ඉහළට

Mohamed Dilsad

යාපනයේ දේව මෙහෙයට සහභාගී වූ 192 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment