දේශීය

යාල සිද්ධිය : ජනපති දුන්න උපදෙස මෙන්න

(UTV | කොළඹ) – යාල වනෝද්‍යානයේ ඇතිවූ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අදාළ පාර්ශවවලට එරෙහිව නීතිය දේශපාලනික බලපෑම්වලින් තොරව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, එම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය තීරණය කර තිබේ.

යාල වනෝද්‍යානය ආශ්‍රිතව කටයුතු කළ නිලධාරින් රාජකාරිමය වගකීම පැහැර හැරීම හා ඔවුන් එම සිද්ධිය සම්බන්ධව කිසිදු විටෙක ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර නොගැනීම සම්බන්ධව විමර්ශන කටයුතු මෙහෙයවීම සඳහා අදාළ කමිටුව පත් කිරීමට තීරණය කර ඇත.

Related posts

හෙට සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි වැඩි වීමක්

Mohamed Dilsad

කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

සිංහල අලුත් අවුරුදු සීට්ටුවේ නැකැත් වේලාවන් වැරැදියි – ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුව

Editor O

Leave a Comment