දේශීය

සංශෝධිත VAT පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

(UTV | කොළඹ) – රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති “එකතු කළ අගය මත බදු අය කිරීමේ (සංශෝධිත) පනත් කෙටුම්පතේ” ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ විභාගය පැවැත්වූ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය කථානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

එම නියෝගය නිකුත් කළේ පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් දෙකක් පිළිබඳව විභාගය අවසන් කිරීමෙන් අනතුරුවය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා, අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

Related posts

ගුරුවරුන්ගෙන් දැඩි තීරණයක්

Mohamed Dilsad

මහ මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් අධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

විදෙස් සංචාර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment