දේශීය

ගුරුවරුන්ගෙන් දැඩි තීරණයක්

ගුරු වෘත්තීය සමිති අද (27) දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර තිබේ.

 

පසුගිය 24 වනදා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවැති විරෝධතාව අතරවාරයේදී පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී කිහිපදෙනෙකු තුවාල ලැබීය.

 

ඒ අනුව අද පස්වරු 1.30ට පාසල් නිමවීමෙන් අනතුරුව පාසල් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

 

මේ අතර රජය හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අද (27) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

 

තෙවන පාසල් වාරය නොවැම්බර් මස 01 වනදා යළි ආරම්භ වන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

 

ඒ අනුව ඔක්තෝබර් මස 30 සහ 31 යන දෙදින තුළ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු හිමිවෙයි.

 

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වාර විභාග මෙතෙක් අවසන්වී නොමැති දකුණු පළාතේ ඇගයීම් මධ්‍යස්ථානවල ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීම අද සිට ආරම්භ කිරිමට නියමිතව තිබේ.

 

මෙවර පැවැති විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරිමේ කටයුතු දිවයින පුරා මධ්‍යස්ථාන 435කදී ඊයේ ආරම්භ කර තිබුණි.

Related posts

ඉන්දුනිසියාවෙන් දුම්රිය මැඳිරි 70 ක් හා බහාලුම් ප්‍රවාහණය සඳහා තට්ටු 20 ක්

Mohamed Dilsad

බලපිටියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

Mohamed Dilsad

ජනාධිපතිවරණයට දෙමළ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම ගැන මන්ත්‍රී ශානක්‍යයන් විරෝධය පළ කරයි.

Editor O

Leave a Comment