දේශීය

රේගු බදු ආදායම පහළ ගිහින්

2018 වසරට සාපේක්ෂව මෙම වසරේදී රේගු බදු ආදායමේ කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.

 

රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ වාහන ආනයන කැපීපෙනෙන ලෙස පහළයෑම මගින් ඒ මත පනවා ඇති බදු ආදායම අහිමි වීමද මෙම තත්ත්වයට සෘජුව බලපා ඇති බවය.

 

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සීවලී අරුක්ගොඩ මහතා මෙම අදහස් පළ කළේය.

 

මේ අතර ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ බදු ආදායම් පුළුල් කිරීමේ ඉලක්ක සපුරාගැනීමට අවශ්‍ය පියවර ගන්නා

බවය.

 

Related posts

වැලිකඩ බන්ධනාගාරයේ 177 ක් PCR පරීක්ෂණයට

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ වාර්තාවට ශ්‍රී ලංකාවෙන් ප්‍රතිචාර

Mohamed Dilsad

ලංකාවේ ළාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment