දේශීය

හෙට පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වන ආකාරය

(UTV | කොළඹ) – හෙට (04) සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ, ධාවනය සම්පූර්ණයෙන්ම නතර වීමේ අවදානමක් පවතින බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ බස් රථ ධාවනය සඳහා ඉන්ධන නොමැති වීම ඊට හේතුව බවයි.

කෙසේ වෙතත් උපරිම ධාරිතාවයෙන් යුතුව ලංගම බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා.

දුම්රිය දෙපාර්තමේන්තුව ද ප්‍රකාශ කළේ සියලු දුම්රිය ධාවනය ධාවනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවයි. කෙසේ වෙතත්, දුම්රිය සේවකයන්ට සිය පෞද්ගලික රථ මගින් රාජකාරී සඳහා වාර්තා කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් තවදුරටත් දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර ප්‍රකාශ කළා.

Related posts

ඩී. වී. චානක රාජ්‍ය ඇමති ධුරය එපා කියයි

Mohamed Dilsad

බටහිර පර්යන්තයට ආයෝජනය කිරීම අදානි සමාගම තහවුරු කරයි

Mohamed Dilsad

“ජාත්‍යන්තරයට ඕනෑ විධියට අපි සිරකරුවන් ගැන තීරණ ගන්නේ නෑ”

Mohamed Dilsad

Leave a Comment