දේශීය

මැතිවරණ කොමිසමෙන් අවධාරණයක්

(UTV | කොළඹ ) – මැතිවරණ කොමිෂන් සභාව විසින් , පළාත් පාලන ආයතනවල රාජ්‍ය දේපල අයුතු පරිහරණය වැළැක්විම සඳහා නිවේදනයක් නිකුත් කර තිබේ.

පළාත් පාලන ආයතන ප්‍රධානීන් ස්වකීය බල ප්‍රදේශයෙන් බැහැර පිහිටි දේශපාලන රැස්විම්වලට සහභාගී විම සඳහා හා ප්‍රචාරක කටයුතු මෙන්ම පෝස්ටර් අත්පත්‍රිකා ප්‍රවාහනය සඳහා සිය නිල වාහන යොදා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

එය රාජ්‍ය දේපල අවභාවිතා කිරිමක් සේ සකලනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එමෙන්ම පළාත් සභාව සතු වාහන හා වෙනත් උපකරණ හා බඩු භාහිරාදිය දේශපාලන කටයුතු සඳහා යොදා ගැනිම වැළැක්විම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියලු පළාත් පාලන ප්‍රධානීන් වෙත අවධාරණය කර ඇත.

යම් එහෙකින් සිය නිර්දේශ කඩකර ඇති බවට සනාථ වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවේ විධාන කඩකිරිමක් ලෙස සලකා එම ආයතන ප්‍රධානීන්ට හා ඒවායේ පරිපාලන භාර නිලධාරින්ට එරෙහිව පියවර ගන්නා බව ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

බැංකු නොවන ණය දෙන ආයතන නියාමනය කිරීමට, අලුතින් නීති සැකසීමට අවධානය

Editor O

කොරෝනා රෝගියකු නිසා කොල්ලුපිටියේ බැංකුවක් වසයි

Mohamed Dilsad

පර්යේෂණ නෞකාවක් හරවා යවයි.. ඩොලර් මිලියනයක් අහිමි වෙයි..?

Editor O

Leave a Comment