දේශීය

දුම්රිය සේවකයන් විශාල ප්‍රමාණයක් විශ්‍රාම යාමෙන් ගැටළු රැසක් ඇතිවේ

(UTV | කොළඹ) –  පසුගිය සමයේ කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ රට වසා දැමුණු කාලසීමාව තුළ දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල සේවකයින් විශාල ප්‍රමාණයක් විශ්‍රාම යාම හේතුවෙන් මේ වනවිට ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම සේවකයින් විශ්‍රාම යාමෙන් ඇතිවූ පුරප්පාඩුව පිරවීම සඳහා මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇත.

ඇතැම් අංශවල සේවකයින් 50 කට වැඩි පිරිසක් විශ්‍රාම ගොස් ඇති අතර , මේ සඳහා නව බඳවාගැනීම් සිදුකිරීමට බොහෝ දුරට ඉඩකඩ පවතින්නේ මහ මැතිවරණයෙන් පසුව බව ද වාර්තා වෙයි.

නව සේවකයින් බඳවාගන්නා තෙක් විශ්‍රාම ගිය සේවකයින්ට වසරක සේවා දිගුවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළද මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලැබී නොමැති බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ ප්‍රකාශ කළේය.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් නිලධාරියෙක් CID අත්අඩංගුවට

Mohamed Dilsad

අද රාත්‍රී 8 න් පසුව යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

ජනතාවට අවශ්‍ය වන්නේ චක්‍රලේඛ නොව ප්‍රතිඵලයි

Mohamed Dilsad

Leave a Comment