දේශීයප්‍රමුඛ පුවත 3

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් නිලධාරියෙක් CID අත්අඩංගුවට

(UTV | කොළඹ) – පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයේ සේවය කළ තවත් නිලධාරියෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහය දැක්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණයට අදාලව එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ඊයේ (07) රාත්‍රියේ රාගම ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යස්ඨ පොලිස් අධිකරිී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.

මෙම විමර්ශණය යටතේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශයට අනුයුක්ත නිලධාරින් සංඛ්‍යාව 18ක්.

Related posts

බිත්තර රුපියල් 3 කින් පහළට

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයට අදාළව අධිකරණ නියෝගයක්

Editor O

රජයේ සහ රජයේ අනුමත පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

Leave a Comment