විදෙස්

අප්‍රිකානු රටවල ඉල්ලීමකට අනුව වර්ගවාදය සහ පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳ විවාදයක්

(UTV | කොළඹ) – පසුගියදා ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයෙන් පසු මතුවූ විරෝධතා රැල්ල සමඟ අප්‍රිකානු රටවල් සිදුකළ ඉල්ලීමකට අනුව වර්ගවාදය සහ පොලිස් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් හදිසි විවාදයක් පැවැත්වීමට ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය එකඟ වී තිබේ.

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 43 වන සැසිවාරය පසුගිය මාර්තු මාසයේ කොවිඩ් 19 ගෝලීය වසංගතය සමඟ අත්හිටුවනු ලැබීය.

නමුත් මේ වන විට යළිත් ආරම්භ කර ඇති අතර , ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී වර්ගවාදය පිළිබඳ හදිසි විවාදයකට අනුමැතිය හිමි වී ඇත්තේ එහි වසර 14 ඉතිහාසයේ 5 වන හදිසි විවාදය ලෙසයි.

Related posts

ජර්මනිය ඇස්ට්‍රා සෙනෙකා තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ඇමරිකාවෙන් ගුවන් ටැක්සි සේවාවක්.

Mohamed Dilsad

වෙනිසියුලාවේ ජනපති ලෙස නිකොලෙස් මදුරෝ දෙවැනි වරටත් දිව්රයි..

Mohamed Dilsad

Leave a Comment