දේශීය

ආසන ගණන ඉක්මවා මගීන් රැගෙන යන බස් රථ පැමිණිලි කිරීමට දුරකතන අංකයක්

(UTV | කොළඹ ) – ඇතැම් පුද්ගලික බස් රථ ආසන ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

ඒ සම්බන්ධ පැමිණිලි 1955 දුරකතන අංකයට ලබා දිය හැකි බව එහි අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා සඳහන් ක‍ළේය.

අනතුරුව අදාළ පැමිණිලි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත යොමු කරන බව ද ඔහු සඳහන් කළේය.

කොරෝනා වසංගත තත්ත්වය සමග මගී ප්‍රවාහන බස් රථවල ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් රැගෙන යෑම තහනම් බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති අත්අඩංගුවට

Mohamed Dilsad

අද සිට දුම්රිය ගමන් වාර ගණන වැඩිවෙයි [RELEASE]

Mohamed Dilsad

ආසාදිතයින් 5 ක් හඳුනා ගැනීමත් සමග සමස්ත රෝගීන් යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment