දේශීයප්‍රමුඛ පුවත 1

තවත් නාවිකයන් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 28 ක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පී සී ආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 740 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර සිටි අයයි.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

Related posts

මේ දුරකථන ඇමතුම ආවාට මුදල් දාන්න යන්න එපා – පොලීසිය

Mohamed Dilsad

මන්ත්‍රී පද්ම උදයශාන්ත FCID යයි

Mohamed Dilsad

අලුත් විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දෙයි

Editor O

Leave a Comment