දේශීය

කින්නියාහි පිපිරීමක්. පුද්ගලයෙකු මරුට

( UT V|කොළඹ) – කින්නියා, පෙරියාතමුන ප්‍රදේශයේ නිවසක් අසළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පිපිරීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මසුන් මැරීම සඳහා ඩයිනමයිට් යොදාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී එය පුපුරා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

තුවාල ලැබුවන් කින්නියා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් ඇත.

සිද්ධියෙන් මියගිය පුද්ගලයා අවුරුදු 37ක් වයසැති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරුකර යැවුණි.

Related posts

සජිත් ප්‍රේමදාස නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

Mohamed Dilsad

මේ දක්වා 50, 000 ක පිරිසක් එන්නත්කරණයට ලක්කරයි

Mohamed Dilsad

චීනයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment