දේශීය

චීනයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය තාවකාලිකව අත්හිටුවයි

(UTV | කොළඹ ) – චීනයේ ෂැංහයි නුවර බලා පැමිණෙන ගුවන් ගමන් සේවා තුනක් තාවකාලිකව අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා පාළනාධිකාරියතීරණය කොට ඇති බව Xinhua පුවත් සේවය නිවේදනය කර සිටියි.

අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවය, පිලිපීනයේ මැනිලා නුවර සිට පැමිණෙන චයිනා ඊස්ටර්න් ගුවන් සේවය සතියකකාලයක් සඳහා ශ්‍රී ලංකාවේ සිට ෂැංහයි බලා ගමන් කරනු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවය සති 04 කාලයක් සඳහා තහනම්කොට ඇති බව එම මාධ්‍ය වාර්තා කරයි.

ඊට ප්‍රධාන හේතුව මෙම ගුවන් සේවා මගින් ඉකුත් දින කිහිපයේදී චීනයේ ෂැංහයි නුවරට පැමිණි මගීන් හට නව කොරෝනාවෛරසය ආසාදනය වී තිබීම ලෙස Xinhua පුවත් සේවය වාර්තා කර තිබේ.

ආගොස්තූ 07 වෙනිදා කොළඹ සිට චීනයේ ෂැංහයි නුවරට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි චීන සෞඛ්‍ය බලධාරින් තහවුරු කර ඇත.

මිට අමතරව අගෝස්තු 03 වෙනිදා පැමිණි Etihad ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 6 දෙනෙකු සහ මැනිලා සිට පැමිණිචයිනා ඊස්ටර්න් ගුවන් යානයේ තවත් මගීන් 06 දෙනෙකු හට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීතිබේ.

Related posts

රණවිරු ගැටළු විසඳීම සඳහා ජනාධිපති කාර්යය සාධන බලකායක් ස්ථාපිත කරනවා – සජිත් ප්‍රේමදාස

Editor O

කොරෝනා අවධානම පහවගොස් නැහැ -සෞඛ්‍ය අංශය

Mohamed Dilsad

රට පුරා මහ වැසි, සුළි කුණාටු, ගංවතුර, අකුණු, ජනතාව ලක්ෂ 02ක් පීඩාවට.

Editor O

Leave a Comment