දේශීය

මේ දක්වා 50, 000 ක පිරිසක් එන්නත්කරණයට ලක්කරයි

(UTV | කොළඹ) – කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා 50,000 ක පමණ පිරිසක් එන්නත්කරණයට ලක් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.

එන්නත ලබා ගත් ඇතැම් පුද්ගලයින්ට සුළු සංකූලතා මතුවී ඇතත් බරපතල තත්වයන් වාර්තාවී නොමැති බව ද කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.

කොවිශීල්ඩ් එන්නත පොලිස් දෙපාර්තමේන්තුවේ තෝරාගත් නිළධාරින් සදහා එන්නත්කිරීම අද ආරම්භ විය.

නාරාහේන්පිට පොලිස් රෝහලේදී එය ආරම්භ වූ අතර නිලධාරින් 100 කට එන්නත් කිරීම සිදුකළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාද එක්ව සිටියේය.

 

 

Related posts

රජයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ආනයනය කළ වාහන 197ක් රේගුවේ රඳවාගනී : නිෂ්පාදිත වර්ෂය පිළිබඳව වාහන නිෂ්පාදිත ආයතනයෙන් වාර්තා කැඳවයි.

Editor O

පුංචි ඡන්දෙන් මාස 2 ගත වුණත්, සභා 50ක බලය පිහිටුවීමට තවමත් බැරිවෙලා.

Editor O

Leave a Comment