දේශීය

කොරෝනා ආසාදිතව මිය යන්නන් ආදාහනයට එරෙහි පෙත්සම සලකා බැලීම ජුලි 13

(UTV | කොළඹ) –  කොරෝනා ආසාදිතයන්ගේ මරණ භූමදානය කිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද සිසිර ද ආබෲ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම සලකා බැලීම ජූලි මස 13 වනදා සිදු කරන බව නියම කළේය.

සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් කොරෝනා ආසාදනය හේතුවෙන් මිය යන පුද්ගලයින් ආදාහනය කළ යුතු බවට රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ලෙසටත් පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

 

 

 

Related posts

හෂාන් තිලකරත්නගේ බිරිඳට සජිත්ගෙන් සංවිධායක ධූරයක්

Editor O

දමිතා නිදහස් කරන්නැයි විපක්ෂ නායක ඉල්ලයි

Mohamed Dilsad

කෝප්, පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයන් පත් කිරීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment