දේශීය

ජනපතිගේ නම විකුණමින් රාජ්‍ය ආයතනවලට කරන බලපෑම් වහාම දැනුම් දෙන්න

(UTV | කොළඹ) – කිසියම් හෝ පුද්ගලයෙකු විසින් ජනපතිවරයාගේ නම විකුණමින් බලපෑම් සිදුකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය දැනුවත් කරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්කර සිටියි.

අදාළ නිවේදනය පහතින් ,

ඇතැම් කූට පුද්ගලයන් වංචනික අභිප්‍රායයන් ඉටුකර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ නම, ව්‍යාජ ලෙස සැකසූ අත්සන, ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිත කරමින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට කරන විවිධ බලපෑම් ගැන දිගින් දිගටම වාර්තා ලැබෙමින් පවතී.

මෙවැනි පුද්ගලයන් යම් යම් රාජ්‍ය ආයතනවලට පෞද්ගලිකවම ගොස් යම් කාර්යයක් ඉටු කිරීමේ බලයලත් නිලධාරීන්ට බලපෑම් කරන බැව් දැනගැනීමට ඇත. මෙසේ බලපෑම් කරන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත බැව් එම කූට පුද්ගලයන් පවසන බව, ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට ලැබෙන විමසුම් වලින් පැහැදිලි වෙයි.

රාජ්‍ය තන්ත්‍රය වෙත පැවරී ඇති කාර්ය භාරය නිසි පරිදි ඉටු කිරීම ගැන තම පාලන කාලයේ ප්‍රමුඛත්වයක් දියයුතු බවත්, යම් යම් කාර්යයන් කිරීමට බලයලත් නිලධාරීන් නීතියට අනුකූලව, මහජනතාවගේ අවශ්‍යතා ඉටුවන පරිදි රාජ්‍ය තන්ත්‍රය කටයුතු කළ යුතු බවත් අතිගරු ජනාධිපතිතුමාගේ අදහසයි.

එබැවින් යම් පුද්ගලයෙකු විසින් අතිගරු ජනාධිපතිතුමාගේ නම විකුණමින් බලපෑම් සිදුකරන්නේ නම් ඒ බැව් හැකි විගස ජනාධිපති කාර්යාලයේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙලේ (අධ්‍යක්ෂ ජනරාල්, අභ්‍යන්තර පාලන) මහතා වෙත 0112354479/ 0112354354 ඔස්සේ දන්වන ලෙස ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

Related posts

පරිප්පු සහ ටින් මාළු සඳහා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට [GAZETTE]

Mohamed Dilsad

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Mohamed Dilsad

ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 – යුපුන්ට 05 වැනි තැන

Mohamed Dilsad

Leave a Comment