විදෙස්

වසා දැමූ ඩුබායිහි වෙරළ තීර කිහිපයක් යළි විවෘත කෙරේ

(UTV | ඩුබායි) – කොරෝනා වසංගතය හමුවේ වසා දැමූ ඩුබායිහි වෙරළ තීර කිහිපයක් ජනතාවට යළි විවෘත කර තිබේ.

මේ වනවිට ඩුබායි බලධාරීන් කොරෝනා වසංගත හමුවේ පැනවූ දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමට පියවර ගත් අතර ඇතැම් වෙරළ තීර ජනතාවට විවෘත කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණි.

විදෙස් වාර්තා පැවසුවේ එය ඩුබායි වැසියන්ගේ ඉමහත් සතුටට හේතුවී ඇති බවයි.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු එරට මහජන උද්‍යාන ඉකුත් මැයි 13 වැනිදා යළි විවෘත කිරීමට පියවර ගැනුණු අතර හෝටල්වලට පැමිණෙන අමුත්තන්ට පුද්ගලික හිමිකාරීත්වය සහිත වෙරළ තීර වෙත පිවිසීමටත් අවසර හිමිවුණි.

Related posts

ඉතිහාසයේ ළාබාලතම ජනාධිපතිවරයා පත්වෙයි

Mohamed Dilsad

දිල්ලියට ඇඳිරි නීතිය

Mohamed Dilsad

ඇමරිකාව සහ ඉරානය යුද්ධයකට මුල පුරයි

Mohamed Dilsad

Leave a Comment