විදෙස්

ඇමරිකාව සහ ඉරානය යුද්ධයකට මුල පුරයි

(UTV| ඉරානය) – ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමට තමන් සුදානම් නොමැති බවත් වැඩිකල් නොගෙන මෙම රටවල් දෙකෙහි අවසානය දැකගැනීමට හැකිවන බවත් ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමෙයිනි පවසා තිබේ.

ටෙහෙරාන් හිදී පැවැති දේශනයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

දෙසතියක පමණ කාලයක් තිස්සේ අමෙරිකාව සහ ඉරානය අතර තිබූ දැඩි මතගැටුම් තවත් උග්‍ර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඉරානය සහ අමෙරිකාව අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වුයේ අමෙරිකානු යුද නෞකා සහ ප්‍රහාරක යානා මැදපෙරදිග කලාපය වෙත යැවීමෙන් පසුවයි.

සිරියාව වෙතින් අමෙරිකානු හමුදාවලට තර්ජනයක් එල්ලවිය හැකි බවට සිදුකෙරුනු අනාවරණයක් සමගින් මෙසේ මැදපෙරදිග හමුදා ශක්තිමත් කිරීමට අමෙරිකාවද කටයුතු කළේය.

2015දී අමෙරිකාව සමග ඇතිකරගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමටත් ඉරානය තීන්දු කළ අතර පසුගිය සතියේදී ඉරාන ආධ්‍යාත්මික  නායකවරයා පෙන්වා දුන්නේ අමෙරිකාව සමග යුද්ධයකට එළඹීමට කිසිදු අදහසක් නොමැති බවයි.

දෙරට අතර යුදමය  තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් මැදපෙරදිග සියලු රටවල් මේ වනවිට සීරුවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊශ්‍රායලය සහ ඉරානය ගැන ඇමෙරිකා ජනාධිපතිවරයා අසතුටින්

Editor O

කාබුල් ප්‍රහාරයේ මරණ 170 දක්වා ඉහළට

Mohamed Dilsad

ව්‍යාජ “ඕසෙම්පික්” ඖෂධය පිළිබඳව අනතුරු ඇඟවීමක්

Editor O

Leave a Comment