විදෙස්

ඉන්දියාවේ මගී දුම්රිය 2ක් මුහුණට මුහුණ ගැටෙයි

(UTV | කොළඹ) – ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නගරයේදී මගී ප්‍රවාහන දුම්රිය දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් ඇති වු අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දුම්රිය සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති අතර , සිදුවීමෙන් දුම්රිය මැදිරි රැසක් පීලිපැනීමට ලක්ව ඇති බවද වාර්තා වේ.

එන්ජිම තුල සිරවී සිටි දුම්රිය රියදුරා මුදාගැනීමට පැය 8 ක පමණ කාලයක් ගතවූ බවද වාර්තා විය.

අනතුර හේතුවෙන් අදාළ මාර්ගයේ දුම්රිය ගමන් වාර 40ක් පමණ සීමා කිරීමට කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් ආරම්භ කිරීමට එරට බළධාරීන් කටයුතු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බන්ධනාගාර ගැටුමකින් 39ක් මරුට

Mohamed Dilsad

කොරෝනා වැළඳීමේ හැකියාව ගැන නව සොයා ගැනීමක්

Mohamed Dilsad

ඉන්දියාවේ බන්ධනාගාර තුළ කොරෝනා ව්‍යාප්තිය වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment