දේශීය

ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම දින 2 කට වරක්

(UTV | කෝවිඩ්-19) – දෛනිකව විදේශගත ලාංකිකයන් ගෙන්වා ගැනීම වෙනුවට දින 2 කට වරක් හෝ ඊට වැඩි පරතරයක් සහිතව ගෙන්වා ගැනීම කෙරෙහිද අවධානය යොමුවූ බව විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

ඉදිරියේදී ලාංකිකයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පැවති බව විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කළේය.

එමෙන්ම කිසියම් ශ්‍රී ලාංකිකයෙකු දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් පී සී ආර් පරීක්ෂණයකට එරටදීම පෙනී සිට එහි වාර්තා රැගෙන ඒම අනිවාර්ය කිරීම කෙරෙහිද ඊයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ.

Related posts

කොරෝනා මරණ 274 ක් වෙයි

Mohamed Dilsad

ජාතික නිදහස් දින සැමරුම හෙට

Editor O

ශ්‍රී ලංකාවේදී සිදුකල සමස්ත PCR පරීක්ෂණ ලක්ෂ 15 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment