දේශීය

ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම දින 2 කට වරක්

(UTV | කෝවිඩ්-19) – දෛනිකව විදේශගත ලාංකිකයන් ගෙන්වා ගැනීම වෙනුවට දින 2 කට වරක් හෝ ඊට වැඩි පරතරයක් සහිතව ගෙන්වා ගැනීම කෙරෙහිද අවධානය යොමුවූ බව විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

ඉදිරියේදී ලාංකිකයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පැවති බව විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කළේය.

එමෙන්ම කිසියම් ශ්‍රී ලාංකිකයෙකු දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් පී සී ආර් පරීක්ෂණයකට එරටදීම පෙනී සිට එහි වාර්තා රැගෙන ඒම අනිවාර්ය කිරීම කෙරෙහිද ඊයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ.

Related posts

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය කබීර් හෂීම් ට

Editor O

බස් ධාවනය නැවතත් අඩු වෙන ලකුණු

Mohamed Dilsad

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment