Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික නිදහස් දින සැමරුම හෙට

නිදහස ලබා වසර 77 ක් පිරීම නිමිත්තෙන් පවත්වන ජාතික නිදහස් සමරු උත්සවය හෙට (04) ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. මෙවර නිදහස උළෙළ උත්කර්ෂවත්ව හා වියදම් අඩු කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි සඳහන්.

එමෙන්ම වෙනත් නිදහස් උත්සවවලට සාපේක්ෂව මෙවර මහජනතාව වැඩියෙන් සහභාගි කරවා ගැනීමට ද රජය සැලසුම් කර තිබේ.

නිදහස් දින සැමරුම් පෙළපාළියේ සංයුතියද මෙවර වෙනසකට භාජන කර ඇති අතර මින් පෙර යෙදාගත් හමුදා සංයුතිය 40%කින් අඩු කර තිබෙන බව සඳහන්. ඒ අනුව හමුදා සාමාජිකයන් 1873කු පමණක් මෙවර සහභාගි කරවා ගැනීමට නියමිතයි.

ගිය වසරේදී පෙළපාළිය සඳහා 3384 දෙනකු සහභාගි කරවා ගෙන ඇති අතර ඒ අනුව මෙවර සෙබළුන් 1511 දෙනකුගේ අඩුවීමක් දක්නට ලැබෙනවා.

එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගැනීමට තීරණය කර ඇති අතර නාවික හමුදාව විසින් පවත්වන සාම්ප්‍රදායික වෙඩිමුර 25 මෙවරද පවත්වනු ලබනවා. ගියවර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා තුනක් පමණක් යොදා ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.

Related posts

Hong Kong protests: Rubber bullet blinds journalist in one eye

Mohamed Dilsad

Kim Kardashian deletes cosy snap with Kanye West

Mohamed Dilsad

Ministers step out to marketplace to quell rumours

Mohamed Dilsad

Leave a Comment