දේශීය

සීෂෙල්ස් හි සිටින ලාංකිකයන් හැකි ඉක්මණින් දිවයිනට

(UTV | කොළඹ ) – රජය විසින් සීෂෙල්ස් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන් හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා ගන්නා බව පවසයි.

විදේශ සබඳතා අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ මෙරට දැනට ක්‍රියාත්මක රෙගුලාසි සහ නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් සැළකිල්ලට ගෙන එම පියවර ගන්නා බවයි.

සීෂෙල්ස් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් මේ වනවිට එරට සිටින ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කර ගැනීම අඛණ්ඩව සිදුකරනු ලබයි.

පසුගිය අප්‍රේල් 6 වනදායින් පසු මේ දක්වා එරටින් කිසිදු කොවිඞ්-19 රෝගියෙකු වාර්තා වි නොමැති අතර මැයි 11 වනදා සිට මේ දක්වා ප්‍රතිකාර ලබමින් සිටින්නේද එක් ආසාධිතයෙකු පමණි.

සීෂෙල්ස් රාජ්‍යයෙන් සටහන් වන මුලු කොරෝනා ආසාධිතයන් ගණන 11 කි.

Related posts

කොළඹ වරායේ ඇති බහාලූම් මුදා හැරීමේ විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

සීතල බණ්ඩාරවෙල සලිත කරවමින් පාසල් දැරියකට සිදුවූ දේ

Mohamed Dilsad

ගුරු – විදුහල්පතිවරු අසනීප නිවාඩුවකට සැරසේ

Mohamed Dilsad

Leave a Comment