දේශීය

ඇඳිරි නීතිය කැඩූ පිරිස 66,500 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 66,519 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය මාර්තු 20 වනදා සිට අද අලුයම 4 දක්වා කාලය තුළ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

මෙම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 18,733 කි.

ඊයේ (27) රාත්‍රී 10 සිට අද (28) අලුයම 4 දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 178 ක් වන අතර වාහන 38 ක්ද එම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීන්ට ලැප්ටොප් : එකක වටිනාකම රු. ලක්ෂ 05 ඉක්මවයි.

Editor O

මෙරට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන ඉහළට

Mohamed Dilsad

27කට මරු කැඳවූ වැලිකඩ බන්ධනාගාර සිද්ධියේ තීන්දුව මෙන්න

Mohamed Dilsad

Leave a Comment