දේශීය

ඇඳිරි නීතිය කැඩූ පිරිස 66,500 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 66,519 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය මාර්තු 20 වනදා සිට අද අලුයම 4 දක්වා කාලය තුළ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

මෙම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 18,733 කි.

ඊයේ (27) රාත්‍රී 10 සිට අද (28) අලුයම 4 දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 178 ක් වන අතර වාහන 38 ක්ද එම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

නුගේගොඩ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පිටකිරීමේ සිද්ධීයේ අධ්‍යක්ෂවරයා සහ ගුරුවරයා 22 තෙක් බන්ධනාගාර ගත කරයි.

Editor O

දරුවන්ගේ මතක ශක්තිය හීන වෙලා – මනෝ වෛද්‍ය රූමි රූබන්

Mohamed Dilsad

Leave a Comment