දේශීය

අද සිට අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යළි විවෘතයි

(UTV | කොළඹ ) – අද (28) සිට කොරෝනා ආසාදිත සේවකයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමග වසා දැමුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට නියමිතයි.

සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ සහ තානාපති කාර්යාලයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සේවා කටයුතු ආරම්භ කරන බව තානාපති කාර්යාලය නිවේදනය කළේය.

පසුගිය 21 වන දා මෙලෙස අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමනු ලැබුවේය.

Related posts

නුවරඑළියේ අවි පුහුණුව ලැබූ 61 දෙනා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

පාඨලීගෙන් අලුත් පක්ෂයක්

Mohamed Dilsad

ඖෂධවේදීන් නැති ඖෂධශාලා 60ක බලපත්‍ර අත්හිටුවයි

Editor O

Leave a Comment