දේශීය

කොවිඩ් -19 ප්‍රතිකාර වෙනුවෙන් තවත් රෝහල් දෙකක් වෙන්කෙරේ

(UTV | කොවිඩ් 19) –  කොවිඩ් -19 ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල සහ හම්බන්තොට පැරණි රෝහල යොදා ගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

කොවිඩ් -19 ප්‍රතිකාර ධාරිතාව ඉහළ දැමීම සඳහා මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

එමෙන්ම කුවේට් සිට මෙතෙක් පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ අවසන් කර තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

Related posts

පාසල් විෂය බාහිර ක්‍රියාකාරකම් තාවකාලිකව නවතී

Mohamed Dilsad

සිමෙන්ති වැඩි මිලට අලෙවි කරන අයට නීතිය දැඩි වෙයි

Mohamed Dilsad

දුම්රිය වාර ප්‍රවේශපත්‍රවලින් ලංගම බස්වල යන්න පුළුවන්, මාර්ග අවහිරතා නිසා දුම්රිය ධාවනය නොවන ප්‍රදේශවල පමණයි.

Editor O

Leave a Comment