දේශීය

මහවිරු දිනය සැමරීම් වලට සම්බන්ධ 46ක් අත්අඩංගුවේ

(UTVමුලතිව්) – මහවිරු දිනය සැමරීම සඳහා ජනතාව පෙළඹවීම සහ ඊට අවශ්‍ය පරිසරය සකස් කිරීම යන චෝදනා මත පුද්ගලයින් 46 දෙනෙකුට එරෙහිව පොලීසිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරයි.

ඉන් 13 දෙනෙකුම දේශපාලනඥයින් වේ.

ඊට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ස්කන්දරාජා සහ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ටී. රවිහරන් ද ඇතුළත් බව වාර්තා වේ.

සැකකරුවන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් මහවිරු දිනය සැමරීමට කටයුතු නොකළ බවයි.

නමුත් මෙම පෙත්සම් ඊයේ මුලතිව් මහේස්ත්‍රාත් ලෙනින් කුමාර් හමුවේ සලකා බැලුණු අවස්ථාවේ අනිද්දා දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දෙපාර්ශවයටම නියෝග කර ඇත.

Related posts

කොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට ක්ෂණික දුරකතන අංකයක් [PRESS RELEASE]

Mohamed Dilsad

වරාය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

Mohamed Dilsad

තවත් ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment