දේශීය

වරාය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

(UTV | කොළඹ) – කොළඹ වරායේ සවිකිරීමට ගෙන ආ දොඹකර දින 10 ක් තුළ ගොඩබෑම අවසන් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා කියා සිටියේය.

අදාළ දොඹකර මේ වන විටත් නෞකාවේම පවතින අතර දිනකට නැව් ගාස්තුව ලෙස රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීමට සිදුව ඇති බව මහගමගේ මහතා පැවසීය.

ගොඩබෑමේ කටයුතු ප්‍රමාද වී ඇති හෙයින් ඊට අදාළ වරාය ගාස්තුව ගෙවිය යුත්තේ වරාය අධිකාරිය නොව රජය විසින් බවත් , එම මුදල වරාය අධිකාරිය මගින් නොගෙවිය යුතු බවත් රජය හරහා ගෙවිය යුතු බවත් සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය පෙන්වා දෙයි.

Related posts

විදුලි ගාස්තු සංශෝධනයට එරෙහි පෙත්සම විභාගයට ගන්න අවසර දෙන්නේ ද? නැද්ද ?

Mohamed Dilsad

යුධ හමුදාවේ 14655 කට උසස්වීම්

Mohamed Dilsad

දසවෙනි සභා වාරය ආරම්භක දිනය දා, පාර්ලිමේන්තු ආපන ශාලාවට සෝමාලියාවෙන් පැන්නා

Editor O

Leave a Comment