දේශීය

විදුලි ගාස්තු සංශෝධනයට එරෙහි පෙත්සම විභාගයට ගන්න අවසර දෙන්නේ ද? නැද්ද ?

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන තීරණය ලබන 17 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

 

විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

 

එම පෙත්සම අද (13) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

 

එහිදී විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අමාත්‍ය මණ්ඩල යෝජනා අධිකරණයට ඉදිරිපත් කළේය.

 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේ ද? නැද්ද? යන තීරණය ලබන 17 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

 

 

Related posts

රෝග ව්‍යාප්තියට හේතුව රජයේ අකාර්යක්ෂමතාවය – චන්න ජයසුමන

Mohamed Dilsad

නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වැසේ

Mohamed Dilsad

රත්නපුරේ වතු යායකින් දරු දෙදෙනකුගේ මළ සිරුරු හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment