දේශීය

ටියුෂන් පංතිවල කොරෝනා මාර්ගෝපදේශ ප්‍රදර්ශනය අනිවාර්ය කෙරේ

(UTV | කොළඹ ) – කොවිඩ් – 19 රෝග ව්‍යාප්තිය සමාජය තුල පාලනය කර ඇති තත්වය යටතේ උපකාරක පංති පැවැත්වීමට අදාළ මාර්ගෝපදේශන පිටපත් අදාළ පංති පැවැත්වෙන ස්ථානවල ප්‍රදර්ශනය අනිවාර්ය කර තිබේ.

පොලිසිය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ වැඩබලන පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත එම උපදෙස් නිකුත් කර ඇති බවයි.

උපකාරක පංති සංවිධායකවරුන් , ඉගැන්වීමේ කාර්ය මණ්ඩලය , ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ දෙමව්පියන් වෙත මෙම මාර්ගෝපදේශන පිටපත් ලබාදී ඔවුන් දැනුවත් කල යුතු බව පොලිසිය සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපකාරක පංති පැවැත්වීමට කොන්දේසි සහිතව අවසර දී ඇති අතර ඊට අදාළව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

Related posts

අද විදුලි කප්පාදු වේලාවන් මෙන්න

Mohamed Dilsad

රේගුව විසින් රාජසන්තක කල වාහන රජයේ භාවිතයට

Mohamed Dilsad

නම මස් වියැති කුඩා බිළිඳියට අමානුෂිකව පහරදුන් මව අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment