දේශීය

කොවිඩ් -19 ප්‍රතිකාර වෙනුවෙන් තවත් රෝහල් දෙකක් වෙන්කෙරේ

(UTV | කොවිඩ් 19) –  කොවිඩ් -19 ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල සහ හම්බන්තොට පැරණි රෝහල යොදා ගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

කොවිඩ් -19 ප්‍රතිකාර ධාරිතාව ඉහළ දැමීම සඳහා මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

එමෙන්ම කුවේට් සිට මෙතෙක් පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ අවසන් කර තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

Related posts

ශානි අබේසේකරගේ විදෙස් ගමන් තහනම් කෙරේ

Mohamed Dilsad

හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

Mohamed Dilsad

දෙසැම්බරයේ ඉන්ධන මිල ඉහල යා හැකියි

Mohamed Dilsad

Leave a Comment