දේශීය

අග්‍රාමාත්‍යතුමා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක්

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර හමුවක් අද (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සිදුව තිබේ.

එම හමුවේදී ද්වීපාර්ශවීය ආර්ථික සබඳතාවය වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.

ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් 19 වසංගතය හමුවේ මෙරට ගෙනයන වැඩපිළිවෙල පිළිබදව ඉන්දීය රජය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පැසසුම ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට හිමිවන බවයි.

ඉන්දියාවේ කෞතුකාගාරවල තැන්පත් කර ඇති බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෞද්ධ සිද්ධස්ථාන වෙත යොමු කර ලෝකවාසී බෞද්ධයින්ට ධාතුන් වහන්සේලා වැදපුදා ගැනීමට සහ එම ධාතුන් වහන්සේලාට පුද සත්කාර කිරීමටත් අවස්ථාව හිමිවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

Related posts

ඩෑන් ප්‍රියසාද් CID අත්අඩංගුවට

Mohamed Dilsad

ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාව අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රබල ආරම්භයක්

Mohamed Dilsad

Leave a Comment