දේශීය

අහඹු ලෙස කෙරුණු ඇන්ටිජන් පරීක්ෂණවලින් තවත් ආසාදිතයින් පිරිසක්

(UTV | කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් ‍සම්බන්ධයෙන් සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවන්වලදී තවත් කොවිඩ් -19 ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව පසුගිය 18 වනදා සිට අද (27) පෙරවරු 6.00න් අවසන් වු කාලය තුළ සිදුකළ අහඹු පරීක්ෂාවන්වලදී කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගෙන ඇත.

බස්නාහිර පළාතෙන් පිටවයන පුද්ගලයින් අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක්කිරීම ස්ථාන 11 කදී ක්‍රියාත්මක වෙයි.

එහිදී මේ දක්වා පුද්ගලයින් 8000 ක පමණ පිරිසක් එම අහඹු පරීක්ෂණවලට ලක්කර ඇති අතර අද (27) දිනයේ ද එම කටයුතු ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

Related posts

හරිනිට එරෙහි විශ්වාසභංගය විවාදයට දින වෙන් කළා – කැබිනට් ප්‍රකාශක

Editor O

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

දෙමළ සන්ධානයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ

Editor O

Leave a Comment